ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු T20 තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.

එම තරගය සඳහා අදාළ ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම නිසා තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම ට ක්‍රීඩාංගණයට හෝ ප්‍රවේශපත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.

තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගය නැරඹීම සඳහා අද පස්වරු 4 සි​ට එහි දොරටු විවෘත කරන බව මහජනතාවට දන්වා ඇත.