ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුම් කාලය පස් වසරකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙද හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 2017-11-02 දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුමකට අත්සන් තැබීය.

එම ගිවිසුමේ සඳහන් පරිදි වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි වනු පිණිස අද (10) දින සිට ඉදිරි පස් වසර සඳහා එම ගිවිසුම් දිර්ඝ කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශ්වකරුවෙකු වන අතර සංචාරක පැමිණීම් ගමනාන්තයන්හි 05 වැනි මූලාශ්‍රය වේ.