සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි-20 තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

එහිදී චරිත් අසලංක ලකුණු 69ක් ලබාගත් අතර, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කිරීමට සමත් විය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.5අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 178ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රෙග් අර්වින් ලකුණු 70ක් රැස් කිරීමට සමත් විය.

මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරගාවලියේ සම තත්ත්වයේ පසුවේ.