එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද පැවැත්වේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි. මූලික වටයේ ලබාගන්නා ප්‍රසාද ලකුණු සුපිරි 06 වටය සඳහා ඉතා වැදගත් වන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක තරගයක් වනු ඇත.

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමාන කණ්ඩායම් සුපිරි 06 දෙනාගේ වටයට තේරී පත්ව ඇති අතර, A කාණ්ඩයෙන් සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සුපිරි 06 දෙනාගේ වටයට තේරී පත්ව තිබේ.

අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගයද අද පැවැත්වේ. අද පැවැත්වෙන තරග 02ම මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතය.