2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගයඅතහැර දැමීමට තීරණය කරයි. පවතින අධි​ක වර්ෂාව සහිත අයහප​ත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

නැගෙනහිර මෙක්සිකෝ බොක්කෙහි නිවර්තන කැළඹීමක් හේතුවෙන් ලෝඩර්හිල් ප්‍රදේශයට අද අඟල් 2 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුනු අතර ගංවතුර අවදානම් නිවේදනයක් ද නිකුත් කොට ඇති බව වාර්තා වේ.

කෙසේ නමු​ත් තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබීම හේතුවෙන් සුපිරි අට දෙනාගෙ වටයට සුදුසුකම් ලබා ගැනීමේ එක් පියවරක් ලෙස මෙම තරගය ජය ගැනීම අනිවාර්‍ය වූ අතර, තරඟය වර්ෂාව නිසා අත්හැර දැමී​ම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි අට දෙනාගේ වට​ය ස​ඳහා පිවිසීමේ අවස​න් බලාපොරොත්තුවද දැඩි අවදානමක පවතියි.