ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවන්නැයි කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් 05ක් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කළ විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව හේෂා විතානගේ, චරිත හේරත්, ජගත් කුමාර, සංජීව එදිරිමාන්න සහ මධුර විතානගේ යන කෝප් කමිටු සාමාජිකයන්
මෙම ඉල්ලීම සිදු කර ඇත.