ආසියානු කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන් තරගය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්තානය බලා පිටත්ව ගියේය. ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 26දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙලෙස පාකිස්තානය බලා පිටත්ව ‌ගොස් තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය එළැඹෙන 05වැනිදා පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.