සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණය සැලකෙන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි-20 තරගයකදී එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව ලෙසයි. එම ජයග්‍රහණයත් එංගලන්තයේදීම ලබාගැනීම විශේෂත්වයකි.

මෙම ජයත් සමගින් තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලබාදුන් ලකුණු 105ක ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුකර ගියේ පන්දුවාර 13.2ක් අවසානටේ කඩුලු 02ක් පමණක් දැවී තිබියදීය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 31කින් වේගවත් අර්ධ ශතකයක් (55) රැස් කළ අතර, ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඇයට හිමි වූවාය.