සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අද (23) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය ඉරිදා පැවැති පළමු තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකාව තරඟ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.

අද (23) තරඟය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව ඇත.