ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය කළේය.

2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව පත්කර තිබෙන අතර පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන ඇති බව දැක්වෙයි.

එම තරගාවලි සඳහා වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කළේය.