ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම රටේ ජාතික ආර්ක්ෂාවට විශාල තර්ජනයක් වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම පිළිබඳ වූ වාර්තාවේ මේ බව සඳහන් කර තිබෙනවා

එම නිසා ශ්‍රී ලංකා ටෙලිකො​ම් ආයතනය කිසි විටෙකත්  පෞද්ගලීකරණය නොකළ යුතු යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

මෙම ආයතනය පෞද්ගලීකරණය කලහොත් විදුලි සංදේශ පද්ධතියට එල්ලවන සාර්ථක සයිබර් ප්‍රහාරයකට ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක් ඛල හැකි බවද දුරකතන භාවිත කරන්නන් දහස් ගණනකගේ සේවා අඩාල කිරීම ගනුදෙනුකරුවන් දස ලක්ෂ ගනණකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම, ව්‍යාපාර අකර්මන්‍ය කිරීම මෙන්ම රජයේ මෙහෙයුම් වසා දැමීම කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

තවද රජයේ සහ ආරක්ෂක අංශවල සියළු වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා වන අතර ඒ හේතුවෙන් රජයට පෞද්ගලික සමාගමකින් එම සේවාවන් ලබා ගැනීමේ දි දැරිය යුතු වියදමට සාපේක්ෂව ඉහල යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

එමෙන්ම රටේ පැරණිතම විදුලි සංදේශ සේවා සපයන්නා වන හෙයින් ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර එය පෞද්ගලිකරණය කලහොත් එම සියලු දත්ත පෞද්ගලික සමාගම්වලට විවෘත වන බවත් එම වාර්තාවේ දැක්වෙනවා.