දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි වටයේ අවසන් තරගයෙන් බාබඩෝස් කණ්ඩායම පරාජය කරමින් තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ 60-56 ලෙසයි.

ශ්‍රී ලංකාව මීට පෙර සහභාගී වූ මෙම කාණ්ඩයේ පළමු තරගයෙන් සිංගප්පූරුව හමුවේ ලකුණු 55-52ක් ලෙසින් පරාජයට පත්වූ අතර, දෙවැනි තරගයෙන්ද සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 71-36ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.