එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අද (02) යෙදී තිබෙනවා

ඒ අනුව අද සවස 1.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදි “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව මුල්කර ගනිමින් සංවත්සර සැමරීම කටයුතු සූදානම් කර ඇති බව සදහන්

පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ආරාධනා කර තිබෙනවා.