ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දෙවැනි දිනය අත්හැර දැමීමට සිදු විය. කෙසේ නමුත් දෙවැනි දිනයේදී පන්දුවාර 10.3ක් ක්‍රියාත්මක විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 02ක් දැවී ලකුණු 178ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙන අබ්දුල්ලා ෂෆීක් ලකුණු 87ක් සහ නායක බාබර් අසාම් ලකුණු 28ක් රැස්කරගෙන සිටී.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණි.

හෙට (26) තරගයේ තෙවැනි දිනයයි. හෙට තරගය පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිත අතර, පන්දුවාර 98ක් යැවීමට නියමිතය.