අද (26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතයි

ඒ අද රාත්‍රී 7.00ට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගය සදහා තරග වැදීමට නියමිතයි

“බී” කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් පූර්ව වටයට එක්වූ අතර “ඒ” කාණ්ඩයේ දී ඉන්දියාවට පමණක් පරාජය වෙමින් දෙවැනි තැනට පත්වන්නේ පාකිස්තානයයි.

මෙම තරග ද්විත්වයෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

අවසන් මහා තරගය ලබන 28 වැනිදා පස්වරු 3.00ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි