ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් හා ආසියානු පාපන්දුවෙන් ඩොලර් මිලියන 02ක (රුපියල් කෝටි 65කට වැඩි මුදලක්) ප්‍රතිපාදන පිරිනැමීමට නියමිතව තිබේ.

එම මුදලෙන් ඩොලර් ලක්ෂ හයකට වැඩි මුදලක් ලබන මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම හමුවේ රඳවාගත් අරමුදල් ද මේ අනුව ශ්‍රී ලංකාවට නිදහස් කෙරෙනු ඇත.