පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ යේමනය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද පැවැත්වේ. පාපන්දු තහනමෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර පාපන්දු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගත්තේ වසරකට ආසන්න කාලයකට පසුවයි.

ශ්‍රී ලංකාව හා යේමනය අතර පළමු තරගය සෞදි අරාබියේ අබා නගරයේදීද, දෙවැනි තරගය මෙම මස 17වැනිදා කොළඹ තුරග තරග පිටියේදීද පැවැත්වීමට නියමිතය.

අන්තර්ජාතික පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්හි යේමනය 156වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව 202වැනි ස්ථානයේත් පසුවේ.