ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරු 8 දෙනෙකු තම තනතුරු වලින් ඉවත්වීමට සූදානම්වන බව ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ නොකිරීමට තීරණය කර සිටින බව සදහන්

ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව පසුගිය කාලයේ දී කතාබහට ලක්වීම හේතුවෙන් එම අමාත්‍යවරු මෙම තීරණය ගැනීමට කටයුතු කර තිබෙන බව සදහන්

එම රාජ්‍ය අමාත්‍යවරු වන්නේ,

ඩී. වී චානක

තේනුක විදානගමගේ

ශෂින්ද්‍ර රාජපක්ෂ

අශෝක ප්‍රියන්ත

මොහාන් ද සිල්වා

ඉන්දික අනුරුද්ධ

ප්‍රසන්න රණවීර

සිරිපාල ගම්ලත්