ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම සංගමයේ ලියාපදිංචිය වහාම අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන බවත් සඳහන්වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ ඒ කටුයුතු අධීක්ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ට බලය පවරන බව ද එම ගැසට් නිවේදනයෙන් දැක්වේ.

ඔහු ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය පැවැත්වීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එමඟින් නිලවරණ කමිටුවක් පත්කර ගත යුතු වේ.