වයස අවුරුදු 19 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද සිදු විය. ඒ බංගලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජය හේතුවෙනි.

තරගයේ කාසියවා සිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු නමයක් දැවී තිබියදී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි.

අනතුරුව එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 40.4 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී තිබියදී නියමිත ඉලක්කය සපුරාලීමට සමත් විය.

බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මාන් ශිබ්ලි නොදැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් වූ අතර මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.