වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්විණි.

එහිදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර, එහිදී දිනුර කලුපහන ලකුණු 60ක් සහ ශරුජන් ශන්මුගනාතන් ලකුණු 41 රැස් කළහ.

අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහරදීමේදී වර්ෂාවෙන් තරගයට බාධා පැමිණි අතර ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22කදී ලකුණු 129ක ඉලක්කයක් හිමි විය.

කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 21 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 89ක් පමණි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මල්ෂ තරුපති ලකුණු 17කට කඩුලු 04ක් බිඳහෙළීය.