වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 06 වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් ලකුණු 119ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 232ක් රැස් කළේය.

අනතුරුව ලකුණු 233ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 23.2 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 113ක් පමණි.