වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ අවසන් තරගය ලෙස පැවැති ඔස්ට්‍රේලියාව සමග තරගයෙන් කඩුලු 04ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංක කණ්ඩායමට සිදු විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 208ක් පමණි. එහිදී සාර්ථක වූ එකම පිතිකරුවා ලෙස දිනුර කළුපහන ලකුණු 64ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 48.5 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 211ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී රයන් හික්ස් ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය.