ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය අද නම් කළේය. 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හෂ්මතුල්ලා ශහීඩිට ලැබී තිබේ.

ටෙස්ට් තරගය පෙබරවාරි මස 02වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතය.