සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය අද පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර, කාලගුණ වාර්තාවලට අනුව අද තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල විය හැකිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම නායකත්වය ක්‍රෙග් අර්වින්ට හිමිවී තිබේ.