සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය අද දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

කුසල් මෙන්ඩිස් නිල වශයෙන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු එක්දින තරගය මෙය වීමත් විශේෂත්වයකි. Craig Ervine සිම්බාබ්වේ කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.