ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තුන්වෙනි විස්සයි-20 තරගයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කරමින් විස්සයි-20 තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 82ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 04ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 83ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී පැතුම් නිස්සංක ලකුණු 39ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 33ක් රැස් කළහ.