ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා එයාර් බස් ඒ-320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබාගෙන තිබේ.

එම යානය ඊයේ (21) මැලේසියාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති අතර, එම යානය ලබන 29 වන දින මාලදිවයින බලා පළමු ගුවන් ගමන සිදුකිරීමට නියමිතය.

මෙම යානය සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා සංඛ්‍යාව 22ක් වේ.

ලබන වසරේ ජනවාරි මාසයේදී තවත් එයාර් බස් ඒ-330 වර්ගයේ යානයක් සහ මාර්තු මාසයේදී තවත් එයාර් බස් ගුවන් යානයක් ලීසිං පදනම මත ලබාගැනීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව දැනට භාවිතයට නොගන්නා ගුවන් යානා 02ක් සඳහා එංජින් දෙකක් ලීසිං පදනම මත ලබා ගැනීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.