ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව ඇත.

එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ෂාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක් බවයි එම සඟරාවේ දැක්වෙන්නේ.

ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වන අතර දකුණු ඉන්දීය නළුවන් කිහිපදෙනෙක්ද ඇතුළත්ව සිටියි.