ඊයේ (27 ) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැත්තාගේ පුතා වන නදීන් බාසික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධියි.

අත්අඩංගුවට පත්වූ නදීන් බාසික් පසුගිය පෙබරවාරි මස 16 වන දින වැල්ලවත්ත නිවාස සංකීර්ණයක සිදුකළ වැටලීමකදී රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි අයෙක් බව සදහන්