මෙවර 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඒ සඳහා වන විභාග අපේක්ෂක ලේඛනය තැපෑල හරහා මේ වන විටත් විදුහල්පතිවරුන්ට යොමුකර ඇති බවත් එම ලේඛන නොලැබුණු විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.