බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට පලාගිය හිටපු අගමැති ශෙයික් හසීනා යළි එරරට පැමිණෙනු ඇති බව ඇගේ පුත් සජීබ් වසීඩ් ජෝයි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනව

බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇය නැවත පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ

බංග්ලාදේශයේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවීම පිටුපස පාකිස්තානය සිටින බවට ද සජීබ් වසීඩ් විසින් චෝදනා කරයි.

රට තුළ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම සඳහා පාකිස්තාන අයි. එස්. බුද්ධි අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවද ඔහු පවසයි.

බංග්ලාදේශයේ ඇතිවූ තත්ත්වයට විදේශීය මැදිහත්වීමක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව පෙන්වාදී ඇති සජීබ් වසීඩ් පාකිස්තාන
අයි. එස් බුද්ධි අංශය ඊට සම්බන්ධ බවට සාක්ෂි පවතින බවද සඳහන් කර තිබෙනවා

කෙසේ නමුත් ඉන්දියාවට පලා ගිය ශෙයික් හසීනා මේ වන විට නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරක රැඳී සිටීන බව සදහන්