බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබේ.
බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් එම පියවර ගෙන ඇත්තේ, ඔහුට එල්ල වී ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව වේ.
ෂකීබ් අල් හසන්ගේ පෞද්ගලික හා ව්‍යාපාර මෙන්ම බිරිඳගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස බංග්ලදේශයේ මූල්‍ය බුද්ධි ඒකකය මීට පෙර ඔහුට දැනුම් දී තිබූ අතර මොහු මේ වනවිට සිය පවුලේ සාමාජකයින් සමග ඇමරිකාවේ පදිංචිව සිටියි.
ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ද පසුගිය දා පළමු වරට චෝදනා එල්ල විය.