ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීම් සිදු කරන චීන සමාගම් දෙකක් වන ෂීන් සහ ටෙමු හි භාණ්ඩ මිල ගණන් ඉහළ දමන බවට නිවේදනය කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර ලබන සතියේ සිට එම මිල ගණන් සංශෝධනය වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ​ය.

අතිශය අඩු මිල ගණන් නිසා ෂීන් සහ ටෙමුහි භාණ්ඩ අලෙවිය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර මෙරට ද බොහෝ පිරිසක් එම යෙදවුම් හරහා භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරනු ලබයි.