මෙම වසරේ (2024) මුල් භාග​යේ  සංචාරක ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

එම  සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6 ක් බව වාර්තා වේ

එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9% ක ඉහළ යාමක්.

2023 මුල් භාගයේ වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 875 ක් ලෙස දැක්වේ

කෙසේ නමුත් මෙම වසරෙ (2024 ) ජූනි මාසයේ දී මෙරටට පැමිණි 113,470 ක් වූ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 151.1 ක ආදායමක් වාර්තා වී ඇති බව සදහන්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන වලට අනුව 2024 මුල් මාස 06 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව දශ ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති අතර එය 1,010,249 ක් ලෙසින් වාර්තා වනවා.