සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා

ඒ අනු​ව අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වෙයි

සංවර්ධන නිලධාරී සේවයේ කඩඉම් විභාගය සදහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත් වීමට නියමිතයි

විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත හැකි බවත් අදාළ නිවේදනයෙහි දැක්වෙයි.