සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ ක්‍රියාවලියේදී අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භයේ සිටම සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.
සේවා ව්‍යවස්ථාව තුළ සේවයට බඳවා ගැනීමේ වයස සහ විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් පැහැදිලි සඳහනක් තිබෙන බවත් මෙම සංවර්ධන නිලධාරින් බඳවා ගත්තේ එම වයස් සීමාව අවුරුදු 40 දක්වා වැඩි කරමින් එම සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඔහු පැවසීය.
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කල වීමසීමකදී මෙම අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් පැවසුවේ, තරග විභාගයක් පැවැත්වීමට සැලසුම් කර තිබියදී අදාළ තරග විභාගය අත්හිටුවීමට සංවර්ධන නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා ගත් බවය. ඉන්පසු මොවුන් තරග විභාගයකින් තොරව හා බදවා ගැනීමේ වයස වැඩි කර තමන් ගුරු සේවයට ගන්නා ලෙස මේ වන විට ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.
මේ ගැටලුව සම්බන්ධයෙන් ගුරු සංගමයක් ලෙස ඔවුන් දරන ස්ථාවරය නම් මෙය සංවේදී ගැටලුවක් සේ සලකා සේවා ව්‍යවස්ථාවද උල්ලංඝනය නොවන පරිදි මෙයට විසඳුමක් ලබා දීම සිදු කළ යුතු බව යැයි ඔහු පවසයි.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයට පහරදීම හා සංවර්ධන නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින බවත් ඔහු පවසයි. ඉල්ලීම් ඉල්ලා සිටීමට ඕනෑම පර්ශ්වයකට අයිතියක් තිබෙන බවත් ආණ්ඩුව සිදු කළ යුත්තේ ඒවාට සාකච්ඡාමය විසඳුම්වලට එළඹීම බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසා ඇත.