වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයකට අනුව නලීන් ප්‍රනාන්දු පදනමත්, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරනු ලබන “පොසොන් කලාපය 2024“ ජූනි 21(පොසොන් පොහෝ දින), 22 හා 23 යන දිනයන්හි දී සවස 6.00 සිට ජා-ඇල ඒකල නගරයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

මෙහිදී පාසැල් හා රාජ්‍ය යන අංශයන්ගෙන් විවෘත පහන් කූඩූ තරඟයක් පැවැත්වෙන අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට හට වටිනා මුදල් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයක් සිදු කරනු ලබන අතර පහන් කූඩූ රැසක් ප්‍රදර්ශනය කරනු ඇත.

පහන් කූඩු විවෘත අංශය
ප්‍රථම ස්ථානය සදහා රුපියල් 100,000
දෙවන ස්ථානයට රුපියල් 75,000
තුන්වන ස්ථානයට රුපියල් 50,000
රුපියල් 10,000 බැගින් වන සැනසිලි ත්‍යාග ත්‍යාග 10ක් ප්‍රදානය කිරීමට නියමිතයි.

පාසැල් අංශයේ පහන් කුඩු තරඟය
ප්‍රථම ස්ථානය වෙනුවෙන් රුපියල් 25,000
දෙවන ස්ථානයට රුපියල් 15,000
තුන්වන ස්ථානයට රුපියල් 10,000
සහභාගීත්වය වෙනුවෙන් රුපියල් 5000,බැගින් වන  මුදල් ත්‍යාග ප්‍රදානය සිදු කිරීමට නියමිතයි.

මීට අමතරව  සර්වඥ ධාතු ප්‍රදර්ශනය, අටවිසි බුද්ධ මන්දිර,“සදහම් මහිම” කතාව ඇතුලත් විචිත්‍රවත් තොරණ, පාසැල් හා රාජ්‍ය අංශයේ විවෘත පහන් කූඩු තරඟය හා ප්‍රදර්ශනය, භක්ති ගීත, රූකඩ සංදර්ශන, වීදී නාට්‍ය, මිහින්තලා ආකෘතිය, දන්සැල් ඇතුළුව අක්ෂිදාන සංගමය මඟින් පොරොන්දු පත්‍ර අත්සන් තැබීම ආදී වැඩසටහන් රැසක් මෙම පොසොන් කලාපයේ සංවිධානය කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහතින්