රටේ ඇතිවි ඇති තත්ත්වය හමුවේ සක්‍රිය මහජන මැදිහත්කරණයක් සිදු කිරිමට අත්‍යවශ්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ නායක කේ.  අර්ජුන පවසා ඇත.

එසේම කොළඹ දිස්ත්‍රික්කය තුල ජනතාවට විශාල වශයෙන් ස්ථිර නිවාස හා ඉඩම් නොමැති බවත් අවශ්‍ය බලපත්‍ර හා ඔප්පු නොමැතිකම බලවත් ගැටලුවක් බවත්  ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේදි ඔහු ප්‍රකාශ කර තිබේ.

මැද කොළඹ ප්‍රදේශයේ පවතින සනීපාරක්ෂක ගැටලුවලට ස්ථිර සහ ගුණාත්මක විසදුම් ලබා ගැනිමට  දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරින් එකම ස්ථානකට ගෙන්වා කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

මේ අතර වංචාවෙන් – දුෂණයෙන්, අල්ලසින් තොර යහපත් සාධාරණ සමාජයක් බිහි කිරිමත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන තරුණ නායකයින් පිරිසක් බිහි කිරිමේ දෙවන පියවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තැබු බවත් ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ  නායක කේ. අර්ජුන වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම මෙම සමුළුවේ දී ප්‍රජාතන්ත්‍රවාදි  තරුණ කොංග්‍රසයේ ජාතික සම්මේලනයක් පැවැත්විමට ද සභාව ඒකමතිකව තිරණය කර ඇත.

මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදි  තරුණ කොංග්‍රසයේ කොළඹ ආසන නායකයින් සහභාගි වු අතර ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය අදහස් ලබා ගැනිමද සිදු විය