2024 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද (09) පෙරවරුවේ ආරම්භ විය.

එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සභාගර්භයට පැමිණ සිටින ආකාරය දැක ගත හැකි විය.

එයට හේතුව වැට් බදු වැඩිකිරීම සහ ජනතාවගේ ජීවන ගැටලු සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් බවයි වාර්තා වන්නේ.