දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ මහතා බවත් විනාශ වී ගිය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත හැක්කේ සජිත් ප්‍රේමදාසට ජනපති වුවහොත් පමණක් බවත් සමගි ජන සන්දානයේ රැළියක් අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියා .

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණික ප්‍රේමචන්ද්‍ර

“ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂෙන් පිට , අලියාගෙන් පිට කතිරේ දෙන්න බෑ කිව්ව මිනිස්සුන්ගෙන් අහන්න ඕන කෝ දැන් මේ පාර බැලට් පේපරේ අලියා ? කෝ දැන් එක්සත් ජාතික පක්ෂය ? පොහොට්ටුවෙන් ආපු 92 වෙනුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ ආරක්ෂා කරගෙන ආපු පක්ෂය රනිල් වික්‍රමසිංහ තුට්ටුදෙකට විකුණලා දැම්මා. අවුරුදු ගණනාවක් තිස්සේ මහා ප්‍රසිද්ධ, රටට වැඩකරපු නායකයෝ බිහිකරපු ප්‍රධානම පක්ෂේ සිරිකොතේ ඩී .ඇස් සේනානායක මහත්තයාගේ අලියා ඉස්සරහින් ගෑස් සිලින්ඩරයක් ගහලා. මේ මනුස්සයා රටට විතරක් නෙවේ පක්ෂෙටත් කරපු විනාසේ බලන්න. හොදට කල්පනා කරලා බලන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති උනොත් විතරමයි ඔය එක්සත් ජාතික පක්ෂෙත් ආරක්ෂා වෙන්නේ”