2015 වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 ජිනිවා යොජනාවලියට අනුව, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලියකට අවතීර්ණ වන බව එවකට විදේශ ඇමති මංගල සමරවීර විසින් ප්‍රකාශ කර සිටියා.

එම ආයෝජනාවලිය අනුව යමින් 2015 වසරේදී සිවිල් සංවිධාන නියෝජිතයින් දොළොස් දෙනස් දෙනෙකුගෙන් සමන්විත මනෝරි මුත්තෙට්ටුවේගම මැතිනියගේ සභාපතිත්වයෙන් යුත් සංවිඳියාව උදෙසා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය දිවයින පුරා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට කටයුතු කළා අතර, ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වූ අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, සත්‍ය හා සංහිඳියා කොමිසම මෙන්ම වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරිණි .
ඒ අනුව 2017 වසරේදී අතුරුදහන්ගේ කාර්යාලයද, 2019 වසරේදී හානිපූර්ණ කාර්යාලයද ඇති කරන ලද මුත්, පැවති දේශපාලන වාතාවරණය මත, සත්‍ය හා සංහිඳියා කොම්සම ස්තාපිත කිරිමට දිගින් දිගටම ප්‍රමාද විය.

නමුත් එහි ඇති අවශ්‍යතාවය අදටත් වලංගු බැවින්, සත්‍ය හා සංහිඳියා කොමිසම ඇති කිරීම සඳහා වන පනත් කෙටුම්පත වර්තමන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ නියෝගය පරිදි ගැසට් කිරීමට රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මෙය රටේ අනාගතය සම්බන්ධයෙන් වන ඉතා වැදගත් පනත් කෙටුම්පතක් වන හෙයින්, මේ පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු කොට පාර්ලිමේන්තුවේ ඒකත් ඡන්දයෙන් සම්මත කිරිමට කටයුතු කල යුතුයි.