සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) වසා දැමීම සම්බන්ධ අවසන් තීරණය එළැඹෙන සතියේදී ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඊට අදාළ සාකච්ඡාවන් මේ දිනවලදී මුදල් අමාත්‍යාංශය සමග සිදු කරන බවත් ඒ අනුව යම් හෙයකින් ස.තො.ස. ආයතනය ඈවර කිරීමට තීරණය කළහොත් එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පවරන බවත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඒ අනුව යම් හෙයකින් සතොස ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද ඇමතිවරයා පවසා ඇත.

ස.තො.ස. ආයතනය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීම මෙවැනි තීරණයකට එළඹීමට ප්‍රධානතම හේතුව බව ද සදහන් වේ.

වසර 20ක පමණ කාලයක සිට මෙම ආයතනය රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන අතර ඉන් වැඩි වශයෙන් පාඩු ලබන්නේ සතොස ආයතනයේ ප්‍රවාහන අංශය සහ ගොඩනැගිලි සඳහා බව හඳුනාගෙන ඇත.

සසිඳු සහන තාරක