ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් ලෙස රැඳී සිටින්නේ තම පක්ශ නායකයන්ට ලබා දෙන වැදගත්කම මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍යය අමතමින් කියා සිටිනවා.

වත්මන් ආණ්ඩුව පත් කර ගැනිම සඳහා වෙහෙස මහසි වි වැඩ කල තම මන්ත්‍රි වරුන්ට අවශ්‍ය පිලිගැනීම ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තව දුරටත් ආණ්ඩුවේ ‍රැඳි සිටිමට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු තව දුරටත් පවසා සිටිනවා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ගෙ රැස්විමද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පලිත රංගේ බණ්ඩාරගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් සනත් නිශාන්ත කියා සිටියේ ඔහුගෙ පක්ශ නායකයා රාජ්‍ය නායකයා වීම නිස ඔහුගෙ ක්‍රියාකලාපය එසේ සිදුවන බවයි.

තවද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අත්හැර දැමීමට උත්සාහ කරනවානම් තම සහයෝගය ජනාධිපතිවරයාට ඔදෙන බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා