අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

අද පස්වරුවේ ඒ මහතාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යන බවයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා පුත්තලම, ආරච්චිකට්ටුව රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.