පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා ඇත

ඒ අනුව කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කරන්නේ, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවය.

එමෙන්ම සිද්ධියට පාදක වූ විපක්ෂ නායකවරයාගේ හැසිරීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ හැසිරිම මගින් ස්ථාවර නියෝග සහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ නියමයන් කඩවී තිබෙන බවද ඔහු පෙන්වාදී තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට ද සුදුසු දඩුවමක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.