කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ දී අද (25) අලුයම සිදු වූ රිය අනතුරෙන් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා මිය යාමේ සිද්ධියට කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අධිවේගී මාර්ග පොලිස් ඒකකය සදහන් කළේ, ඉදිරි විමර්ශන සදහා ඔහු පොලිස් භාරයට ගත් බවයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කලා.