ජාති ආගම් කුලමල පන්ති භේදයෙන් තොරව රට ගොඩනගන සමගි ජන බලවේගයට අවස්ථාව ලබා දෙනවා නම් රට ගොඩනැගීමට තමාට හැකි බව විපක්ෂ නායක ,සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි

ඔහු මෙම අදහස් පළ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස

“දැන් රටේ ජනතාවට බොහෝම පැහැදිලි තීන්දුවක් තියෙන්නේ. ඒ පැහැදිලි තීන්දුව තමයි, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ජෝඩුවට කතිරේ ගහනවා ද? එහෙම නැත්නම් රට ගොඩනගන සමගි ජන බලවේගය දිනවනවා ද? ඒ තීන්දුව බොහෝම පැහැදිලියි. මං ඔබ සියලුදෙනාටම කියන්න කැමතියි එක්සිත්ව, එක්සත්ව මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම ආසන 14ම, පළාත් පාලන බලප්‍රදේශ 373ම, ප්‍රාදේශීය ලේකම් 30 ග්‍රාමසේවා වසම්, 1,610ම කුඩා ගම් නියම් ගම් 5,206ම මම ආයචනා කරනවා, ජාති ආගම් කුලමල පන්ති භේදයෙන් තොරව රට ගොඩනගන සමගි ජන බලවෙගයට මේ රට භාරදෙනවා. අනිවාර්යයෙන්ම ඔබත් රටත් ගොඩගන්නවාමයි.”