අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝර්ළ පාර්ලිමේන්තුවේදී සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ සමගි ජන බලවේගය පක්ෂයෙන් ද තමා ඉවත් වන බවයි.

එක්සත් ජාතික පක්ෂය දෙපිළකට බෙදී කටයුතු කිරීම තම හෘද සාක්ෂියට එකඟ නොවන කටයුත්තක් බැවින් ඇය මෙම තීරණයට එළඹුණු බව ඇය පවසා සිටියා.

2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට ඔවුන් ගෙන ආ නිහඬ යෝජනාව ඔවුන් අතින් සිදු වූ වරදක් බවත් එය අනාගතයට බලපාන අයුරු නොසිතා කල දෙයක් බවත් එය පක්ෂයේ පරිහානියට හේතු වූ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.