සමගි ජන බලවේගයේ බොරැල්ල අසානයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

එතුමා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් වශයෙන්ද කටයුතු කර ඇති අතර එතුමා මියයන විට 78 වන වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසත් දශක තුනකට අධික කාලයක් සේවය කර තිබෙනවා